• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමය අදියර III - බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා නළ එළීම සහ උපාංග සවි කිරීම
- රුපියල් මිලියන 3,057ක පමණ පිරිවැයක් දරමින් ඉදි කෙරෙන මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ III වන අදියර, 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ජල සම්පාදන ව්‍යාපෘති 09න් එකකි. මෙම ව්‍යාපෘතිය මඟින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 14ක් ආවරණය කෙරෙමින් නළ ජල පහසුකම් සැප‍ෙයනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා ජලනළ, සවි කිරීමේ උපාංග, හා කපාට (VALVES) සපයා එළීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 678.06ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sanken Construction (Pvt.) Ltd. - Vonlan Constructions (Pvt.) Ltd. - JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.