• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියරෙහි කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියර මඟින් කිලෝමීටර 74ක දිගකින් යුත් මිණිපේ වම් ඉවුරු ඇළ මාර්ගයේ කිලෝමීටර 49.82 සිට කිලෝමීටර 63.65ක් දක්වා වන ප්‍රදේශය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 625.73ක (වැට් රහිත) මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන නවලෝක ඉදි කිරීම් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.