• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31වන වගන්තිය සමඟ කියවිය යුතු 41වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද, 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග ඇතුළත්, 1990/23 අංක දරන 2016‑10‑27 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය සහ එකී ජාතික ක්‍රීඩා සංගම් නියෝග සංශෝධනය කරමින් සාදන ලද නියෝග ඇතුළත්, 2006/13 අංක දරන 2017‑02‑13 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.