• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - දෙවන අදියර - අමතර පාලම් 63ක් ඉදි කිරීම
- ග්‍රාමීය පාලම් 537ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම පිණිස ඩොයිෂ් බෑන්ක් ඒජී ලන්ඩන් බැංකුවෙන් වාණිජ ණය පහසුකම් ලබාගැනීමට 2014 පෙබරවාරි 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. වසර 03ක් වන එහි ව්‍යාපෘති කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 දින අවසන් වීමට නියමිත අතර විනිමය අනුපාතයන්ගේ වෙනස්වීම හේතුවෙන් අදාළ ණය පහසුකම යටතේ තවදුරටත් අරමුදල් අතිරික්තයක් පවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එකී ඉතිරි මුදල ප්‍රයෝජනයට ගනිමින් අතිරේක පාලම් 63ක් ඉදි කිරීමටත්, ඒ සඳහා මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 වන දින සිට තවත් මාස 03කින් දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.