• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත තුළ මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව පෙනී ගොස් ඇත. සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර මෙම සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් අවසන් වී නොමැත. ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.