• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලුතින් ඉදි කරන මහල් නිවාසවලට තැපැල් පහසුකම් ලබා දීම සඳහා මහල් නිවාස ඉදි කිරීමේදී බිම් මහලේ තැපැල් පෙට්ටි ඉදි කිරීම අනිවාර්ය කිරීම
- මහල් නිවාසවල නිවැසියන්ට ලිපි හා තැපැල් භාණ්ඩ බෙදීමේදී තැපැල්කරුවන් හට විවිධ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මහල් නිවාසවල ලිපි හා තැපැල් භාණ්ඩ බෙදීමේ කටයුතු ප්‍රශස්ත මට්ටමින් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ අනුව, මෙම තත්ත්වයට විසඳුමක් ලබා දීමේ අරමුණින්, මින් ඉදිරියට මහල් නිවාස සංකීර්ණ ඉදි කිරීමේදී ඒ ඒ නිවාස ඒකක සඳහා එක් තැපැල් පෙට්ටියක් බැගින් වන සේ බිම් මහලේ වෙනම ප්‍රදේශයක තැපැල් පෙට්ටි ඉදි කර ඒවා ගෘහමූලික අංක යටතේ අංකනය කිරීමටත්, දැනට ඉදි කර තිබෙන මහල් නිවාස සංකීර්ණවල තැපැල් පෙට්ටි සහිත ප්‍රදේශයක් බිම් මහලේ අලුතින් ස්ථාපිත කිරීම අනිවාර්ය කිරීමටත්, නිවෙස් අංක සටහන් කරන ලද තැපැල් පෙට්ටිවල යතුරු අදාළ නිවෙස් හිමියන් වෙත ලබා දීමටත් ක්‍රියා කරන‍ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා අදාළ පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබා දෙන ලෙස එම ආයතන භාර අමාත්‍යාංශ දැනුම්වත් කිරීමටත්, මහල් නිවාස සංකීර්ණ ඉදි කිරීම සඳහා ගොඩනැඟිලි අනුමැතීන් ලබාගැනීමේදී ඉහත සඳහන් පරිදි කටයුතු කිරීම අනිවාර්ය කිරීමටත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.