• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි ඉඩම සංවර්ධනය කිරීම
- මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට සහ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයට මුහුණලා පිහිටි, අක්කර 14.5ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩමක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුවන අතර, එම ඉඩමෙහි ප්‍රමාණය හා පිහිටීම සැලකිල්ලට ගැනීමේදී එය මහා පරිමාණ සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගත හැකි බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම වාණිජ හා නේවාසික පහසුකම් ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එම ඉඩම යොදාගැනීමට ඉහළ විභවතාවක් පවතී. ඒ අනුව, ඉහත දේපළ තුළ ක්‍රියාත්මක කළ හැකි ඵලදායී සංවර්ධන ව්‍යාපෘති යෝජනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් හඳුනාගැනීමටත්, ඉඩම සංවර්ධනය සඳහා වන අදාළ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට, යෝජනා ඇගයීමට හා සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, එම සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.