• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් සඳහා ඉඩමක් බදු දීම
- කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රජයේ හා පෞද්ගලික රෝහල් සංවර්ධනය වීමත් සමඟ එම රෝහල්වලින් පිට කරන සායනික අපද්‍රව්‍ය විශාල ලෙස ඉහළ ගොස් ඇත. පාරිසරික හා සාමජීය ගැටලු මතු නොවන පරිදි මෙම අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් අනුව බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා සිසිලි හනාරෝ එන්කෙයා (පෞද්ගලික) සමාගම යන ආයතන එක්ව සායනික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් මුල්ලේරියාව රෝහල තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා, මුතුරාජවෙල පිහිටි අක්කර 2 රූඩ් 1 පර්චස් 23.99ක් වූ ඉඩම් කොටසක්, වසර 30ක කාලසීමාවක් සඳහා සිසිලි හනාරෝ එන්කෙයා (පෞද්ගලික) සමාගම වෙත බදු දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.