• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ශ්‍රී ලංකා ආගාමික විගාමික පනත කෙටුම්පත් කිරීම
- 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත, 1955, 1961, 1993, 1998, 2006 සහ 2015 යන වර්ෂවලදී යම් යම් සංශෝධනයන්ට ලක් කරනු ලැබ ඇතත්, එය වර්තමාන ගෝලීය තත්ත්වයන්ට සාපේක්ෂව ගළපා ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. නීතිවිරෝධී සංක්‍රමණ, මිනිස් ජාවාරම, ත්‍රස්තවාදය, දේශ සීමාවන්ගෙන් ඔබ්බේ සිදුවන අපරාධ, සංක්‍රමණික සෞඛ්‍ය ආදී සංකීර්ණ අභියෝගවලට මුහුණ දීමට වර්තමාන ආගාමික හා විගාමික නීතියේ පවතින හිඩැස් හඳුනාගෙන, ශක්තිමත් ආගමන හා විගමන නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව ආගාමික හා විගාමික පනතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.