• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෝ නොවන රෝග ව්‍යාප්තියට එරෙහිව සටන් වැදීම සඳහා එන්.සී.ඩී.එලායන්ස් ලංකා වෙත අරමුදල් සැපයීම
- දියවැඩියාව, හෘද රෝග, පිළිකා, නිදන්ගත ළය රෝග, මද්‍යසාර හා දුම්කොළවලට එරෙහිව සටන් වැදීම සඳහා ශ්‍රී ලංකා දියවැඩියා සංගමය, ශ්‍රී ලංකා හදවත් සංගමය, ශ්‍රී ලංකා පිළිකා සමාජය සහ ළය රෝග වැළැක්වීම සඳහා වන ලංකා ජාතික සංගමය යන සාමාජිකයින්ගෙන් සමන්විත 'එන්.සී.ඩී.එලායන්ස් ලංකා' නමින් සන්ධානයක් පිහිටුවනු ලැබ තිබේ. මෙම සන්ධානය විසින් ඉහත කී බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීමට වසර 05ක් සඳහා වන උපායමාර්ගික සැලසුමක් සඳහා එකඟ වී ඇත. එම උපායමාර්ගික සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත සලසා දෙනු ලබන ප්‍රතිපාදනවලින් වාර්ෂිකව රුපියල් මිලියන 5 බැගින්, 2017 වසරේ සිට වසර 05ක් සඳහා එන්.සී.ඩී.එලායන්ස් ලංකා වෙත ලබා දීම පිණිස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.