• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් 20ක් සඳහා විද්‍යුත් රූප සංරක්ෂණ, සන්නිවේදන පද්ධතියක්/විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතිය වෙත දිනපතා පැමිණෙන රෝගීන් හා නේවාසික රෝගීන් විශාල සංඛ්‍යාවකගේ රෝග විනිශ්චයන් සඳහා අවශ්‍ය විවිධ වාර්තා ලබාගැනීමට සිදුවේ. එම රෝගීන් අතර විවිධ සංකීර්ණ රෝග තත්ත්වයන්ට භාජනය වූ රෝගීන් ද සිටින අතර, ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් රෝග විනිශ්චයන්ට එළඹිය යුතු වේ. මේ සඳහා වෛද්‍ය වාර්තා නැවත පරිහරණය කළ හැකිවන පරිදි තබාගැනීම අත්‍යවශ්‍ය වේ. එම වාර්තාවලින් සමහරක් රෝහල තුළ ගබඩා කර තබාගනු ලබන අතර, සමහර වාර්තා රෝගීන් සතුව පවතී. එම තොරතුරු පසුකාලීනව අවශ්‍ය වූ විට පහසුවෙන් සොයා ගැනීම පිණිස දියුණු තාක්ෂණය ආධාරයෙන් දත්ත ගබඩා කර සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවක් වේ. ඒ අනුව, විද්‍යුත් රූප සංරක්ෂණ, සන්නිවේදන පද්ධතියක් හා විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20ක ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.