• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
- ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් (National Science Centre - NSC) ස්ථාපිත කිරීම සඳහා හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයෙන් අක්කර හතක (07) භූමි භාගයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත දැනටමත් වෙන් කර දෙනු ලැබ ඇත. මෙම ජාතික විද්‍යා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සඳහා වන නව මූලාරම්භයක් වන අතර, එබැවින් එහි කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, සුදුසුකම් ලත් විශේෂඥයන්ගේ සහාය ලබා ගෙන සිදු කිරීම වැදගත් වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණය හා ගෘහ නිර්මාණ සැලසුම්කරණය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදි කිරීම, ස්ථාපනය සහ අධීක්ෂණය කිරීම යන කාර්යයන් සඳහා උපදේශක සේවා ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, යෝග්‍ය නියෝජිතායතන වෙතින් තාක්ෂණික හා මූල්‍යමය සහාය ලබාගැනීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.