• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය සහ සිංගප්පූරුවේ ජාතික සත්ත්වෝද්‍යානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- දෙහිවල සත්ත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධිත පින්නවල අලි අනාථාගාරය, රිදියගම සෆාරි උද්‍යානය සංවර්ධනය කිරීමේ සැලසුම් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2018 වර්ෂයේ අගභාගය දක්වා ඒ යටතේ වන යෝජිත ව්‍යාපෘතීන්හි ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙනු ඇත. එම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා අත්දැකීම් ලබාගැනීම පිණිස ජාත්‍යන්තර මට්ටමේ දියුණු සත්ත්වෝද්‍යානයක් සමඟ සහයෝගිතාවය ඇති කරගැනීම වඩාත් වැදගත් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, අදාළ තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම, අවශ්‍ය තොරතුරු හුවමාරුව, සතුන් සම්බන්ධයෙන් නව දැනුම හුවමාරු කරගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස සිංගප්පූරුවේ ජාතික සත්ත්වෝද්‍යානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.