• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා රුසියාව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයට සමගාමීව, දෙරට අතර මිත්‍රශීලී සබඳතා වැඩිදියුණු කරගැනීමේ සහ දෙරටෙහි ආර්ථික හා සංචාරක සංවර්ධනයට දායක වීමේ අරමුණින්, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, රුසියානු සමූහාණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.