• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික - රාජ්‍ය සහයෝගිතා (PPP) ආකෘතිය තුළින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනයන් සිදු කිරීම
- යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය අරමුදල් මත රඳා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කලාපයේ අනෙකුත් තරගකාරී රටවලට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක පවතී. මෙම තත්ත්වය රජයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය මත දැඩි පීඩනයක් ඇති කර තිබේ. මෙම පසුබිම තුළ රටේ ඉදිරි යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලි සඳහා, වෙනත් රටවල සාර්ථකව අත්හදා බලා ඇති රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතීන් යොදාගැනීම වැදගත් වනු ඇත. ඒ අනුව, සාර්ථක රාජ්‍ය - පෞද්ගලික සහයෝගීත්ව ආකෘති මඟින් රට තුළට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස සුදුසු යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.