• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයට අයත් සහාධිපත්‍ය හා සහාධිපත්‍ය නොවන දේපළවල දීර්ඝකාලීනව වාසය කරන පදිංචිකරුවන් වෙත ඒවායේ අයිතිය පැවරීම
- 2017 වර්ෂය තුළදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අඩු හා මැදි ආදායම්ලාභී පවුල්වලට නිවාස ඒකක 500,000ක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති අතර, සහාධිපත්‍ය හා සහාධිපත්‍ය නොවන දේපළවල අවුරුදු 15කට වැඩි කාලයක් පදිංචි වී සිටින පදිංචිකරුවන්ට එම දේපළවල අයිතිය පවරා දීමට 2017 අයවැය මඟින් යෝජනා කර ඇත. ඒ අනුව, එවැනි නිවාසවල හිමිකරුවන්ට ඒවායේ අයිතිය ලබා දීම සඳහා සුදුසු යන්ත්‍රණයක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.