• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෙදර්ලන්ත සහනදායී මූල්‍ය පහසුකම්
- නෙදර්ලන්ත රජය විසින්, එරට පිළිගත් සමාගම් හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ඉදි කිරීම, පොළොන්නරුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම, මීරිගම ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නෙදර්ලන්ත සමාගම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.