• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල්, වැලි, පස් සහ බොරළු සැපයීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම
- ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල්, වැලි, පස් සහ බොරළු වැනි අමුද්‍රව්‍ය සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇත. එකී අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා භූමිය කැණීමේදී සිදුවන පාරිසරික බලපෑම් අවම කරගනිමින් රජයේ සංවර්ධන කටයුතු සඳහා එම ද්‍රව්‍ය සැපයීමේ විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය අරමුණු කරගනිමින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් හා අවම පිරිවැයකින් යුතුව ඉටු කරගැනීමටත්, පාරිසරික සංරක්ෂණය සුරක්ෂිත කරගැනීමටත්, විවිධ අක්‍රමිකතා පිටුදැකීමටත්, කාර්යක්ෂම සැපයුම් දාමයක් සහතික කිරීමටත් හැකි වන පරිදි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන භූමි ප්‍රදේශවල ඇති ඛනිජ ද්‍රව්‍ය නිසි පාරිසරික බලපෑම් ඇගයීමකින් පසුව කැණීම හා භාවිතය සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.