• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන සිසුන් සංඛ්‍යාව 300 සිට 500 දක්වා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපාතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, උපකරණ සහ උපාංග සැපයීම, විෂය මාලා සංවර්ධනය සහ ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇතුළත්ව, යූරෝ මිලියන 9.5ක උපරිමයකට යටත්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඔස්ට්‍රියාවේ M/s KUHN ජාත්‍යන්තර ව්‍යාපෘතිය GmbH CoKG ආයතනය වෙත පැවරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.