• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016/17 මහ කන්නය තුළ වී මිලදී ගැනීමේ වැඩසටහන
- 2016/2017 මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් මිලියන 1.32ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර ඉන් වී මෙට්‍රික් ටොන් 73,500ක් රජය විසින් දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි මිල දී ගැනීමට සැලසුම් කර ඇත. මෙහිදී, ගොවීන්ගෙන් සෘජුවම වී මිල දී ගනු ලබන අතර මෙම වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්/දිසාපති, ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාමීය මට්ටමේ අදාළ නිලධාරින්ගේ දායකත්වය ලබාගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, කන්නය තුළ වී වගා කරන ලද, ලියාපදිංචි ගොවීන්ගෙන් කීරි සම්බා සහ අනෙකුත් සම්බා වර්ගවල වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41/-ක මිලකටද, නාඩු වර්ගයේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38/-ක මිලකටද මිල දී ගැනීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.