• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සහ රුසියාව අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා සන්ධානයකට අත්සන් තැබීම
- රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගය පුළුල් කිරීමේ අරමුණින් ප්‍රාසාංගික කලාවන් සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ඇතුළුව සංස්කෘතික ක්ෂේත්‍රයට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වූ සන්ධානයකට, 2017 මාර්තු මාසයේදී රුසියානු සමූහාණ්ඩුවේ සිදු කිරීමට නියමිත අතිගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය නායක සංචාරයේදී අත්සන් කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.