• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෑතදී සංවර්ධන කටයුතු වේගවත් වූ ප්‍රදේශයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට හා ප්‍රාදේශීය විෂමතාවන් අවම කිරීමේ අරමුණින් උතුරු, නැ‍ඟෙහිර හා මධ්‍යම හා ඌව පළාත්වල ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් එකී ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපන් යෙන් මිලියන 12,957ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 17,369) ණය මුදලක් ලබා දීමට ජපාන රජයේ එකඟතාවය පළ කර ඇත. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා JICA ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹිම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.