• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
- කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා නළජල පහසුකම් සපයනු ලබන ජලය බෙදාහැරීමේ පද්ධතිය අවුරුදු 70කට වඩා පැරණි වන අතර ඒ හේතුවෙන් සිදු වන ජලය කාන්දුවීම අවම කිරීමටත්, ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඉහළ යමින් පවතින නළජල ඉල්ලුම සපුරාලීම සඳහාත් කළුගඟ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. කළුගඟ ජලසම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපන් යෙන් මිලියන 31,810ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 42,240) ණය මුදලක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාවය පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා JICA ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹිම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.