• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වයඹ විශ්වවිද්‍යාල නාගරිකය සංවර්ධන ව්‍යාපෘතිය සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් මූල්‍ය සහාය ලබාගැනීම
- වයඹ විශ්වවිද්‍යාල නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 105ක් සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 168.75ක් වශයෙන් සෞදි රියාල් මිලියන 273.5ක (ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 73) සහනදායී ණය මුදලක් ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සඳහා සම්මුති සාකච්ඡා පැවත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.