• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ මර්දනය හා පොලිස් සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- අපරාධ මර්දනය හා පොලිස් සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස 2014‑06‑06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති නමුත් එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. ඒ අනුව, 2017 මාර්තු මාසයේදී රුසියානු සමූහාණ්ඩුවේ සිදු කිරීමට නියමිත අතිගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය නායක සංචාරයේදී එම අව‍බෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.