• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇමරිකා එක්සත් ජනපදයේ නොට්ට්‍රි ඩෙම් (Norte Dame) විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අතර වන අවබෝධතා ගිවිසුම
- පසුගිය වසර පහක කාලය තුළ, ඇමරිකා එක්සත් ජනපදයේ නොට්ට්‍රි ඩෙම් (Norte Dame) විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ එක්ව, බෙංගාල බොක්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඉන්දියානු සාගර පර්යේෂණ පිළිබඳ සාගර විද්‍යා පර්යේෂණ වැඩසටහනක් සකස් කර ඇත. ඊට අදාළ සහයෝගී පර්යේෂණ කටයුතු සිදු කිරීම පිණිස 2017 වර්ෂයෙන් ආරම්භ වී වසර 05ක කාලයක් සඳහා නව බහු වාර්ෂික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ඉහත සඳහන් ආයතන විසින් කටයුතු කෙරෙමින් පවතී. මෙම හවුල්කාරිත්වය විධිමත් කිරීමේ අරමුණින්, මෙම මස අගදී ඇමරිකා එක්සත් ජනපදයේ නොට්ට්‍රි ඩෙම් (Norte Dame) විශ්වවිද්‍යාලය වෙත කෙරෙන සිය සංචාරයේදී ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ එම විශ්වවිද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.