• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අයවැය මඟින් යෝජිත පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම
- සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට හා වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්ත කටයුතුවල නියැලෙන සමාගම්වලට සහන සැලසීම සඳහාත්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමටත් ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක සහනදායී ණය යෝජනා ක්‍රම 12ක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත. ක්‍රියාත්මක කිරීමේ පහසුව සැලකිල්ලට ගනිමින් අදාළ සියලුම ක්ෂේත්‍ර ණය යෝජනා ක්‍රම 08ක් යටතේ ආවරණය වන පරිදි, රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ණය යෝජනා ක්‍රමය ප්‍රතිලාභී කණ්ඩායම් යෝජිත ණය මුදල රුපියල්
'රන් අස්වැන්න' ගොවීන්, ගොවි සංවිධාන, කෘෂි සැකසුම් ආයතන, සහල් මෝල් හිමියන්, කුකුළන් ඇතිකරන්නන්, විසිතුරු මත්ස්‍ය වගාකරුවන්, මල් වගාකරුවන් මිලියන 750
'ගොවි නවෝදා' කුඩා පරිමාණයේ ගොවීන් සහ ගොවි සංවිධාන 500,000/-
'දිරි සවිය' කුකුළන් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරතවන්නන් මිලියන 75
'ජය ඉසුර' කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ අංශය, නිෂ්පාදන කර්මාන්ත, අත්කම් හා ඇඟලුම් වැනි ක්ෂේත්‍රයන්හි නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියන 400ක් දක්වා
'රිය ශක්ති' පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේ යෙදී සිටින්නන් මිලියන 04
'සොඳුරු පියස' ස්වශක්තියෙන් තම නිවස ඉදි කර ගැනීමට හැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී ජනතාව 200,000/-
'මෙහෙසර' ලියාපදිංචි මාධ්‍යවේදීන් 300,000/- දක්වා
'රිවි බල සවි' තම නිවාස සඳහා සූර්ය කෝෂ පද්ධති මිල දී ගන්නා ජනතාව 350,000/-