• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
- විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා රුසියාවේ අධ්‍යාපන සහ විද්‍යා අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට දෙරට විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. විශේෂඥයින් හුවමාරු කරගැනීම, විද්‍යාත්මක තොරතුරු හුවමාරුව, සමුළු හා ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සංවිධානය කිරීම, හවුල් පර්යේෂණ, තාක්ෂණික අධ්‍යයන සහ හවුල් විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන හා කණ්ඩායම් ඇති කරගැනීම යනාදී ක්ෂේත්‍රයන්ට අදාළව මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගිතාව ඇති කර ගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමට 2017 මාර්තු මාසයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් රුසියානු සමූහාණ්ඩුවේ සිදු කිරීමට නියමිත රාජ්‍ය නායක සංචාරය අතරතුර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.