• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය
- ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම කරුණට අදාළ ගිවිසුම අත්සන් කර සති 04-06 අතර කාල සීමාව තුළ අදාළ ආයෝජකයා විසින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ප්‍රේෂණය කළ යුතු බවට වන කොන්දේසියක් ඇතුළත් කරමින්, බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අදාළ ආයෝජකයා අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.