• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය උපදේශක ආයතනය ලෙස පත් කරගැනීම
- මහජන හිතකාමී විධිමත් පොලිස් සේවාවක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ අරමුණින්, එක් එක් පළාතට අනන්‍ය වූ පාරිසරික ඇතුළු අනෙකුත් අදාළ සාධකවලට ගැළපෙන ලෙස හා පොලිස් නිලධාරින්ගේ මෙන්ම මහජනතාවගේ පහසුව සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින්, සම්මත ගොඩනැඟිලි සැලසුම්වලට අනුව ආදර්ශ පොලිස් ස්ථාන ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබාදෙනු ලැබ ඇත. ඒ යටතේ, කැලණිය පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ උපදේශක ආයතනය ලෙස මොරටුව විශ්වවිද්‍යාලය පත් කරගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.