• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහකොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම
- මහ කොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් සෞඛ්‍යාරක්ෂිත පරිසරයක ජීවත්විය හැකි වන පරිදි 'මහ කොළඹ පානීය ජල හා අපජල කළමනාකරණ සහ සංවර්ධන ආයෝජන වැඩසටහන - ව්‍යාපෘතිය 3' ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 112.83ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කිරුළපන අපජල පෝෂිත ප්‍රදේශය සඳහා නව ගුරුත්ව අපජලාපවහන පද්ධතියක්, අපජල පොම්පාගාර සහ ප්‍රධාන නළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සහ ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Larsen & Toubro Limited ආයතනය වෙත රුපියල් මිලියන 7,015.91ක මුළු මුදලකට ප්‍රදානය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.