• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) ශක්තිමත් කිරීම
- ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමා සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව ඉදිරිපත් කළ නිර්දේශ සැලකිල්ලට ගෙන, එම ආයතනය සතු හැකියාව ඇගයීම සඳහා වන නිලධාරි කමිටුවක් 2016‑08‑09 දින පැවති සිය රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. ඒ අනුව, එම නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි, රාජ්‍ය ආයතන විසින් ලංසු කැඳවීමකින් තොරව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වෙත ඍජූ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමටත්, රාජ්‍ය ආයතන විසින් එම ආයතනයෙන් යන්ත්‍රෝපකරණ කුලියට ගැනීම සඳහා දැනට පවත්නා රුපියල් මිලියන 25ක සීමාව, රුපියල් මිලියන 50 දක්වා වැඩි කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.