• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මන්නාරම - නඩුකුඩා සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 166.6ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල උපයෝගි කරගනිමින් මන්නාරම සිට නඩුකුඩා දක්වා කි.මී.30ක දිගකින් යුතු සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,379.9ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන KEC International Limited ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.