• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ සහයෝගිතාව පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- පසුගිය වර්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් චීනයේ සිදු කරන ලද සංචාරයේදී ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තීර්ණ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සමඟ එළඹෙන ලදී. එම පුළුල් අවබෝධතා ගිවිසුමට අනුපූරක ලෙස, නිෂ්පාදන පදනම හා උපායමාර්ගික යටිතල පහසුකම්වලට අදාළව වඩාත් කේන්ද්‍රගත උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි හවුල්කාරීත්වය ගොඩනැංවීමේ අරමුණින් 'නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ආයෝජනය හා සහයෝගිතාව' පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සමඟ එළඹීමට මහජන චීන ජනරජයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (National Development and Reform Commission-NDRC) විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මහජන චීන ජනරජයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාත්‍යන්තර වෙළඳ හා ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අතර වන යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.