• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර ඇති කරගනු ලබන වෙළඳ කටයුතුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
- දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම, ද්විපාර්ශ්වික ආයෝජනයන්හි වර්ධනය සඳහා පහසුකම් සැලසීම හා ආර්ථික හා ආයෝජන අවස්ථා හඳුනාගැනීම, සමීප වෙළඳ හා කාර්මික සහයෝගිතාව ප්‍රවර්ධනය හා දෙරටේ ව්‍යවසායකත්ව ආයතන අතර මනා සම්බන්ධීකරණය සඳහා පහසුකම් සැලසීම, වෙළඳ හා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දෙරටේ පෞද්ගලික අංශ අතර මනා අවබෝධයක් ඇති කිරීම, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගිතාව දිරිගැන්වීම යන අරමුණු පෙරදැරිව, චෙක් ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.