• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තන්ට සහ ඡන්දය දීමට සුදුසුකම් ලත් ඔවුන්ගේ දරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම පිණිස, එසේ අවතැන් වීමට පෙර ඔවුන්ගේ ස්ථිර වාසස්ථාන පිහිටි මැතිවරණ කොට්ඨාසවලදී තවදුරටත් සිය ඡන්ද බලය භාවිත කිරීමට හැකි වනු පිණිස විශේෂ නෛතික විධිවිධාන සැලැස්වීමේ අරමුණින්, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 'ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත', රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.