• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව උදෙසා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති කරගනු ලබන ගිවිසුම
- දෙරට අතර ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව, දෙපාර්ශ්වයටම වාසිදායක හා සාධාරණ පදනමකින් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සකස් කරනු ලැබ ඇති, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන ගිවිසුමට, 2017 මාර්තු 22 දින සිට 25 දින දක්වා යෙදෙන අතිගරු ජනාධිපතිතුමාගේ රුසියානු නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.