• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දීර්ඝකාලීන ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම සඳහා නෝර්වීජියානු රජයේ මූල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබාගැනීම පිණිස ගිවිසුම්වලට එළඹීම
- ශ්‍රී ලංකාව සඳහා නව ධීවර සහ ජලජ ජීවී ප්‍රතිපත්තියක් සකස් කිරීමට නෝර්වේ රාජ්‍යයේ මූල්‍යමය සහ තාක්ෂණික සහයෝගය ලබා ගැනීමේ අරමුණින් නෝර්වේ රාජ්‍යයේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.