• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි/සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ගිවිසුම
- ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ඇති මිත්‍රශිලී සම්බන්ධතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් දෙරටේ පුරවැසියන් හට දෙරට අතර ගමන්බිමන් පහසු කිරීම සඳහා වලංගු රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි/සේවා විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ පුරවැසියන් හට වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් තොරව දින 30ක කාලපරිච්ඡේදයක් සඳහා දෙරටින් කවර රටක හෝ දේශ සීමාව තුළට ඇතුළුවීම සඳහා අවකාශ සලසමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලැබ ඇති ගිවිසුම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා අනුමැතිය ලබා දෙන ලදී.