• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරාබදු නිවේදන අංක 994 (අංක 1998/7 දරන 2016‑12‑20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය)
- සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය දක්වා විදේශීය මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී, එම බලපත්‍ර සමඟ ඒවාට අතිරේකව රට බීමහල්, තානායම්, හෝටල් හා ආපනශාලාවල සහ තොග වශයෙන් අරක්කු අලෙවි කිරීම සඳහා නොමිලයේ නිකුත් කරන ලද මත්පැන් බලපත්‍ර වර්ග හතරක් (4)ක් සඳහා 2017-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100,000/-ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් පැනවීම සඳහාත්, බෝතල් රා විකිණීම සඳහා රුපියල් 50,000/-ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් පැනවීම සඳහාත් සුරාබදු ආඥාපනතේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 25 වන වගන්තිය යටතේ තමන් විසින් නිකුත් කරන ලද නියමය ඇතුළත් අංක 994 දරන සුරාබදු නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති 2016‑12‑20 දිනැති, අංක 1998/7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.