• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛව තාක්ෂණ (Bio-Technology) නවෝත්පාදන උද්‍යානය ස්ථාපනය කිරීම
- ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන 'ජෛව තාක්ෂණය' හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර 'ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්' ස්ථාපනය කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, හෝමගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය තුළ රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවක් වශයෙන් ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.