• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජන හා නිවාස සංගණනය - 2021 - මූලික සැලසුම් සකස් කිරීමේ අදියර
- ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් පවත්වනු ලැබේ. මීළඟ ජන හා නිවාස සංගණනය 2021 වසරේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස පදනම් කරගත් මූලික සැලසුම් සකස් කිරීම මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත. මෙම සැලසුම් සකස් කිරීමේ කටයුතු 2020 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සිදු කෙරෙනු ඇති අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.