• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම (RALL) ඈවර කිරීම
- නීතිපතිවරයාගේ උපදෙස් අනුව, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කර එහි ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරීම පිණිස 2016‑12‑13 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම සමාගම ඈවර කිරීමට කටයුතු කරනු ලබන තෙක් එම සමාග‍ෙම් බැඳීම් හා වගකීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මහජන මුදල් පිළිබඳ වගකීම පිළිබඳ අධ්‍යයනය කොට සුදුසු විසඳුම් යෝජනා කිරීම‍ටත්, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාග‍ෙම් සේවය කරනු ලබන ගොඩබිම ආරක්ෂකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.