• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහස්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘති ඒකකය ස්ථාපිත කිරීම
- සහස්‍ර අභියෝගතා සංස්ථාව (Millennium Challenge Corporation - MCC) යනු ආර්ථික වර්ධනය ඇති කිරීම මඟින් ලොව පුරා දිළිඳු බව අවම කිරීම සඳහා ක්‍රියාත්මක වන ඇ‍මරිකා එක්සත් ජනපද විදේශ ආධාර නියෝජිතායතනයකි. තෝරාගනු ලබන රටවල්වල දිගු කාලීන ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම නියෝජිතායතනය විසින් සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබා ගැනී‍ෙම් අරමුණින් සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රතිපත්ති අස්ථාවරත්වය, ඉඩම් සහ ප්‍රවාහනය සඳහා ප්‍රවේශය, ජලය හ‍ා අපජල යටිතල පහසුකම්, විදුලිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට හේතුවන අයුරින් සංවර්ධනය කිරීම සඳහා, ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් ඉදිරි පස් වසරක කාල සීමාව තුළ මෙරටට ලබා දීමට එම නියෝජිතායතනය එකඟ වී තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම සඳහා ‘සහස්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘති ඒකකයක්’ අග්‍රාමාත්‍ය කාර්යාලයේ, ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය යටතේ ස්ථාපිත කිරිම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.