• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකා කෙටුම්පත සහ කාර්ය රාමුව
- මහජනතාවට තමා ජීවත් වන ප්‍රදේශයේ සංවර්ධනයට සක්‍රීයව හා අර්ථාන්විතව දායක වීමට ඉඩකඩ සලසන ආයතනික ව්‍යුහයක් ලෙස ක්‍රියා කිරීමත්, සමාජ සාධාරණත්වය පෙරදැරි කරගත් පරිපූර්ණ හා තිරසර සමාජයක් කරා ගමන් කිරීම තහවුරු කිරීමත්, තම ප්‍රදේශය තුළ සංවර්ධනය සම්බන්ධයෙන් වන අදහස් හා ප්‍රමුඛතා සාකච්ඡා කර ප්‍රජාවට හා රජයට අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ සලසන වේදිකාවක් බවට පත්වීමත් යන ප්‍රධාන අරමුණු පෙරදැරිව 'ග්‍රාම රාජ්‍ය සංකල්පය' ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. මෙම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් 'ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකා කෙටුම්පත හා කාර්ය රාමුව' සකස් කරනු ලැබ ඇති අතර අභ්‍යන්තර පරිපාලනය සහ රාජ්‍ය කළමනාකරණය සඳහා වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඒ සඳහා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, 'ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකා කෙටුම්පත හා කාර්ය රාමුව' මහජන අදහස් ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.