• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙළඳපොළෙහි පවතින සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීම
- දේශීය වෙළඳපොළෙහි පවතින සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, සහල් ආරක්ෂිත තොගයක් පවත්වා‍ ගැනීම සඳහා පෞද්ගලික අංශය මඟින් සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2016‑12‑20 දින අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව 2017‑02‑26 දිනට සහල් මෙට්‍රික් ටොන් 113,000ක් ආනයනය කරනු ලැබ ඇති අතර, ඊට සමගාමීව දේශීය වෙළඳපොළේ සහල් මිල සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම් කරයි. නමුත් දේශීය වෙළඳපොළෙහි පවතින සහල් තොග තවමත් ප්‍රමාණවත් නොවන බැවින් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) මඟින් මසකට මෙට්‍රික් ටොන් 20,000 බැගින් සහල් ආනයනය කිරීමටත්, ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් රජයකින් රජයකට මිල දී ගැනීමේ පදනම මත, ස.තො.ස.මඟින් ආනයනය කිරීමටත්, මෙසේ ආනයනය කරනු ලබන සහල් ලංකා ස.තො.ස. වෙළඳසැල් මඟින් හා විවෘත වෙළඳපොළෙහි අලෙවි කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.