• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම
- 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත, පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස 23 දින අනුමත කරනු ලැබ ඇත. එම කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමඟ ගිවිසුම්වලට එළඹීමට එකී කාර්යාලයට බලය පවරන ලද, ඉහත සඳහන් පනතේ 11 වගන්තියේ (අ) ඡේදය ඉවත් කර එකී පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද 'අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම)(සංශෝධන) පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.