• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම
- යෝජිත හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ හැඩ ඔය හරහා ඝන මීටර මිලියන 147ක ධාරිතාවකින් යුතු ජලාශයක් ඉදි කිරීමත්, ජලාශයට කිලෝමීටර 6.4ක් පහළින් හැරවුම් වේල්ලක් හැඩ ඔය හරහා ඉදි කිරීමත්, කිලෝමීටර 16ක දිගකින් යුත් දකුණු ඉවුරු ඇළ හා කිලෝමීටර 13.5ක දිගකින් යුත් වම් ඉවුරු ඇළ ඉදි කිරීමත් සිදු කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් හැඩ ඔය, විල ඔය සහ කරඳ ඔය පහත් නිම්නවල තිබෙන අලුතින් අස්වද්දනු ලබන ඉඩම් හා පැරණි ඉඩම් හෙක්ටයාර 5,308කට වාරි ජල පහසුකම් සැපයීමටත්, පොතුවිල්, ලාහුගල හා පානම යන ප්‍රදේශවල පානීය හා ගෘහ ජල අවශ්‍යතා සඳහා වාර්ෂිකව ඝන මීටර මිලියන 05ක ජල පහසුකම් සැපයීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.