• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම
- යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුක්කන් ඔය හරහා බුත්තල - මොනරාගල මාර්ගය (A-4) හා කුඹුක්කන් ඔය හමුවන ස්ථානයේ ඝන මීටර මිලියන 48ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් නව ඉඩම් හෙක්ටයාර 4,280කට හා දැනට තිබෙන ඉඩම් හෙක්ටයාර 1,255කට වාරි ජල පහසුකම් සැපයීමටත්, වාර්ෂිකව ගිගාවොට් පැය 16ක විදුලිබල උත්පාදනයක් සිදු කිරීමටත්, පානීය හා කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන ජලය සපයා දීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.