• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම
- උතුරු සහ උතුරුමැද පළාත්වල පිහිටි ජාතික මහාමාර්ග හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා සහ පළාත් මාර්ගයන්හි පිහිටි තෝරාගත් පාලම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියේ (අතිරේක මූල්‍යකරණය) පිරිවැය දැරීම පිණිස ඇම‍රිකානු ඩොලර් මිලියන 98ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබී ඇත. එම ණය මුදලෙන් කොටසක් උපයෝගි කරගනිමින් මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා (කි.මී.140.76 සිට කි.මී.150.40 දක්වා) මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමේ / වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන RR Construction (Pvt.) Ltd. ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.